මරදානේ දී පොලිස් නිලධාරීන් අතවර කළා…! හිරුණිකා මානව හිමිකම් යයි…!

November 8, 2022 at 9:08 am | by emanisa.lk

මරදානේ පැවැති විරෝධතාව අතර තමන් ඇතුළු තවත් කාන්තාවන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් අනවශ්‍ය ශාරීරික හිරිහැර සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.

ඒ පිළිබඳ හිරුණිකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද සිදු කර ඇත.

එයට අදාළ වීඩියෝ දර්ශන පට සහ නිලධාරීන්ගේ අංක ද කොමිසම වෙත ඇය ලබා දී ඇත.

කෙසේ වුව එම වීඩියෝවල ඇත්තේ පොලිස් නිලධාරියෙකු හිරුණිකා මගහැර පිටුපසට යන ආකාරය සහ හිරුණිකා ඔහු පසුපස පන්නා ගෙන යන ආකාරය බවයි, වාර්තා වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *