අරගල නියමු ෆොන්සේකා විරෝධතාව මගහැර යයි…! සජිත් ගැටුමට මැදි කරන සැලසුමක්…!

November 3, 2022 at 10:14 am | by emanisa.lk

මර්දනයට එරෙහිව ඊයේ පැවැත් වූ විරෝධතාව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, 43 වන සේනාංකයේ අධිපති පාඨලී චම්පික රණවක ආදීන්ට විරෝධතාකරුවන්ගේ විරෝධතාවලට මුහුණ දීමට සිදුවිය.

ඒ පොලිසියේ බාධා කිරීම් හමුවේ ගැටුමකට නොගොස් කොටුව දුම්රිය පොළ දක්වා පැමිණීමේ සැලසුම අතහැර ආපසු හැරී යාමට ඔවුන් ගත් තීන්දුවට එරෙහිවය.

කෙසේ වුව ද පසුගිය සමයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවලට එකතු වූ සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මරදාන ටෙක්නිකල් හන්දිය අසල දී ම විරෝධතාව මගහැර ගොස් ඇතැයි දැන ගන්නට තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ඊට අනුබද්ධිත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග පසුගිය දිනවල සමීපව කටයුතු කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විරෝධයක් එල්ල නොවිණි.

දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ විපක්ෂ නායකවරයා ඇතුළු විරුද්ධ පක්ෂ දේශපාලන නායකයින් සමග පොලිස් අණ නොතකා ඉදිරියට ගොස් ගැටුමක් නිර්මාණය කර විශාල ලේ වැගිරීමක් සිදු කරගෙන නැවත රට පුරා ප්‍රචණ්ඩ ගැටුමක් නිර්මාණය කිරීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සැලසුම වූ බවයි.

ඔවුන් සමග සමීපව කටයුතු කරන සරත් ෆොන්සේකා වේලාසන එම ස්ථානයෙන් ඉවත් වන්නේ ද එහි කොටසක් ලෙස බව ඔවුන්ගේ අදහසයි. ඊයේ පැවැති විරෝධතාව පිළිබඳ පසුගියදා පැවැති සාකච්ඡාවේ දී පෙරටුගාමී නියෝජිතයාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබුණේ එම පක්ෂ නායක කුමාර් ගුණරත්නම් කතා කරන්නේ සරත් ෆොන්සේකා සමග පමණක් බවත් තමා සමග ද කතා කරන මෙන් ඉල්ලා සිටින බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *