පොල්වලට වටප්‍රමාණය අනුව උපරිම මිලක්! වටප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් රු. 70යි!

September 26, 2020 at 10:35 am | by emanisa.lk

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබේ. 

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් වන ලෙස උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර තිබේ. වටප‍්‍රමාණය අගල් 12ත් 13ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ රුපියල් 65කි.

වටප‍්‍රමාණය අගල් 13ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් වන පරිදි උපරිම සිල්ලර මිල ප‍්‍රකාශයට පත් කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාති‍්‍රයේ ප‍්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව මෙම නියමයන් අද සිට බලපැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය.

ඒ අනුව කිසිඳු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට පොල් අලෙවි කිරීම සිදු නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.
 
ඉකුත් සමයේ මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා ඉහළ ගියා. පොල් අස්වැන්න අඩුවීම සහ පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම ඊට ප‍්‍රධාන හේතුව වුණා. මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ඉතිහාසයේ දෙවන වරටයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *