පෙට්‍රල් ලීටරයක් රු. 94ට විකුණන්න පුළුවන්….! ලීටරයෙන් රු. 63ක් ආණ්ඩුව ගසා කනවා…! – ජාතික සේවක සංගමය….

June 13, 2021 at 9:22 am | by emanisa.lk

2019 ඩොලර් 80ට පැවැති බොරතෙල් බැරලයක මිල අනතුරුව ඩොලර් 19ට අඩු වූ බව ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.

පිරිපහදු කළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 25 දක්වා අඩු වූ බවත් එම මිල මේ වන විට ඩොලර් 62 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව වර්තමාන ලෝක වෙළෙඳපොළේ පෙට්‍රල් ලීටරයක මිල රු. 82.25ක් බව ද ආනන්ද පාලිත සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාවට යන වියදම එකතු කළ විට පෙට්‍රල් ලීටරයක මිල රු. 94.25ක් ද බවත් රු. 20ක් එකතු කර නැවත රු. 157 දක්වා වැඩි කළේ එම තෙල් මිල බවත් ජාතික සේවක සංගමය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *