පුංචි ඡන්දේ තිබ්බොත් ලෝක වාර්තාවක්..! – මුදල් රාජ්‍ය ඇමැති…

January 6, 2023 at 5:41 pm | by emanisa.lk

වර්තමානයේ මෙරට තුළ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නේ නම් මුදල් මුද්‍රණය කළ යුතු බවත් එලෙස මැතිවරණයක් පැවැත්වීම ලෝක වාර්තාවක් වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

“ඡන්දය තියන්න පුලුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක් ද ලෝක වාර්තාව.

ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්.

මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන ලෝක වාර්තාවත් එක්ක නම් මැතිවරණය තියන්න පුලුවන්. එහෙමනම් කරමු.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *