පුංචි ඡන්දේ කල් දාන්න ඕනකමක් නෑ…! ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන්…! – සුනන්ද දේශප්‍රිය…

October 16, 2022 at 8:37 am | by emanisa.lk

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන් ගණන 8000 සිට 4000 දක්වා අඩු කළ හැකි බව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

සීමා නිර්ණය කොමිසමට තවත් සාමාජිකයන් දෙදෙනකු පත් කළ යුතුව ඇති බව ද පළාත් පාලන මන්ත්‍රීන් ගණන අඩු කිරීම සඳහා වන නියමය (T.O.R) තම කොමිසම වෙත ලැබුණොත් මාස තුනක කාලයක් තුළ මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

දැනට පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාස 4900ක් රට තුළ ක්‍රියාත්මකය. එයින් 900ක් පමණ අඩුකොට මන්ත්‍රී කොට්ඨාස 4000ක් සකස් කළ යුතුය. ඒ සඳහා මාස තුනක් ප්‍රමාණවත් බව කී හෙතෙම එසේ වුවහොත් ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් වන විට පළාත් පාලන ඡන්දය පැවැත්විය හැකි බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *