පුංචි ඡන්දේ දිනලා මාස දෙකෙන් මහ ආණ්ඩුව ගන්නවා..!

January 5, 2023 at 12:32 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය ප්‍රතිඵල පැමිණ මාස දෙකෙන් මහ ආණ්ඩුව හදන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසන බල මණ්ඩල සමුළුව අමතමිනි.

ජාතික ජනබලවේගය මේ සූදානම් වී සිටින්නේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා පමණක් නොව ආණ්ඩු බලය ගෙන රට හැදීමට බව ද හෙතෙම කීය.

මැතිවරණ කොමිසම නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකළහොත් සටන් කර හෝ ඡන්දය ලබා ගත යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පැමිණ මාස දෙක තුනක් ඇතුළත මහ ආණ්ඩුව හදන බවත් ඉන්පසු සියලු දෙනා මේ රට ගොඩ ගත යුතු බවත් අනුර දිසානායක එහි දී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *