පුංචි ඡන්දේ තව කල් යයි..! පළමුව ජනාධිපතිවරණය..! ඊට පස්සේ මහ ඡන්දේ…!

February 17, 2023 at 8:48 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

“ආණ්ඩුවට දිගටම ඕනෑකම තිබ්බා මේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ පළාත් පාලන ඡන්ද මහ මැතිවරණ තියන්න නෙමෙයි. ජනාධිපතිවරණයක් තියන්න.

අපේ ව්‍යවස්ථාවට අනුව මේ එළැඹෙන නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ.

නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන්. 5ක් යන්න ඕනේ නෑ.”

දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී. ලාල්කාන්ත මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *