පිළිකාකාරක පොල්තෙල් බහලුම් 06ක් ප්‍රති-අපනයනයට රේගුවට….! ඉතිරි බහලුම් ඉක්මනින් ප්‍රති-අපනයනයට සූදානම්…!

April 6, 2021 at 9:43 pm | by emanisa.lk

පිළිකාකාරක ඇෆ්ලටොක්සින් ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් අද (06) කොළඹ වරාය වෙත රැගෙන විත් ඇත.

එම බහලුම් 06 කටාන රිෆයිනරීස් සමාගමට අයත් අතර කටාන බටපත්තල පිහිටි එම සමාගම් අංගනයේ තිබී පසුගියදා රේගු නිවාරණ අංශය වෙත ගෙනවිත් තිබුණි.

මේ අතර අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහලුම් 04ක් ගෙන්වා තිබු අතර ඒවායේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව පැවසෙයි

තව ද එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම තවත් බහලුම් 03ක් ගෙන්වා ඇති අතර එහි පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් ඇතුළත් ය. එම සමාගම්වල බහලුම් ද ඉදිරි දිනවල ප්‍රති-අපනයනය කිරීමට නියමිත බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස