සජිත් ප්‍රේමදාස මහතා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලනඥයන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙමින් සිටින බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එසේ පැවසීය.
සමඟි ජනබලවේගයෙන් හොඳ දේශපාලඥයන් යෑම සජිත් ප්‍රේමදාස මහතාට නතර කළ නොහැකි බව කී පියල් නිශාන්ත මහතා රට සහ රටේ ජනතාව පිළිබඳව අවදානය යොමු කරමින් ආදර්ශමත්ව කථා කරන පාඨලි චම්පික රණවක මහතා වැනි වියත් දේශපාලඥයන්ට කථා කිරීමේ අයිතිය නැති කිරීමට ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරු විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට සූදානමින් සිටීම නිසා පාර්ලිමේන්තුව තුළ දැවැන්ත පරිවර්නතයක් වන බව කී පියල් නිශාන්ත මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ පටු දේශපාලනයට මෙවැනි සිද්ධීන්වලින් විශාල ප්‍රහාරයක් එල්ල වන බවත්ය.
සජිත් ප්‍රේමදාස සහ කිරිඇල්ල වැනි මහත්වරු නැගිටිලා යන විට සෑබෑ පාර්ලිමේන්තු වගකීම ඉටුකරන බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වී ඔවුන්ගේ යුතුකම ඉටුකරන බවත් විධායක ජනාධිපති ක්‍රමය රටට ගැලපෙන ආකාරයට අවසන් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙරට ජනතාව ඉහළට ඔසන්න විධායක ජනාධිපති ක්‍රමය පාවිච්චි කරන්නේ නම් එහි ගැටලුවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වැඩි දුරටත් පැවසීය.