පියුමි-චන්දිමාල් බර්ත්ඩේ පාටිය පාරාවළල්ලක් වෙයි….! ෂැංග්‍රිලා හෝටලයටත් එරෙහිය නඩු….!

May 31, 2021 at 10:10 pm | by emanisa.lk

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි.

ඒ අනුව හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනාවරණය කරයි.

එම සාදය සඳහා පුද්ගලයන් 25-30ත් අතර ප්‍රමාණයක් සහභාගි වී ඇති බව දර්ශනවල දී අනාවරණ වී ඇති අතර මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලින් දොළොස් දෙනකු හඳුනාගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

සාදයට සහභාගී වූ ඉතිරි පිරිස හඳුනා ගැනීම සඳහා ෂැංග්‍රිලා හෝටලයේ CCTV දර්ශන පරික්ෂා කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *