මුදලට කළ නොහැකි දෙයක් නෑ…! නිරෝධායන නීති කැඩූ දුබලයෝ හිරේ යද්දි පියුමිට – චන්දිමාල්ට ඇප ලැබුණු හැටි මෙන්න….!

June 1, 2021 at 10:12 am | by emanisa.lk

නිරෝධායන නීති කඩ කර ශැංග්‍රිලා හෝටලයේ උපන් දින සාදයක් පැවැත් වූ චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලී එළඹෙන 11 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස පොලිසය සිය බී වාර්තාව මගින් අධිකරණයෙන් ඉල්ලා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

එසේ ම ඔවුන් දෙදෙනා නිරෝධායනයට ලක් කරන ලෙස ඉල්ලා සිටි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනාවරණය කරයි.

එහි දී විත්තිකාර පාර්ශ්වයේ නීතීඥවරුන්ගේ කරුණු දැක්වීමෙන් පසු අධිකරණය දෙදෙනාට ඇප ලබා දුන් බවත් ඔහු පෙන්වා දෙයි.

එහි දී අධිකරණ මතයට ගරු කිරීමට පොලිසියට සිදු වූ බවත් අජිත් රෝහණ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ඊයේ (31) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *