පිට රට නගර සභාවලින් අපේ සභාවලට ධනය ලැබෙන වැඩපිළිවෙළක් හදනවා…! – සජිත්…

January 30, 2023 at 7:52 am | by emanisa.lk

ධනවත් රටවල පළාත් පාලන ආයත සමඟ ඒකාබද්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“අපි බලාපොරොත්තු වෙනවා සභාවලට මුදල් ලබා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ජාත්‍යන්තරයේ ධනවත් රටවල්වල පළාත් පාලාන ආයතනත් සමග අපි මිත්‍රත්ව සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒ වැඩේ දැනටමත් පටන් අරගෙන ති‌බෙනවා කියලා මම ඔබලාට කියන්න කැමතියි.

ඒ වැඩපිළිවෙළ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා අපේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය ආදායම, ධනය ලබාගන්න. අපි බිහිකරන පළාත් පාලන ආයතන ස්මාර්ට් කවුන්සිල බවට පත්කරනවා.

පළාත් සභා බල ප්‍රදේශවල නිවෙස්වල වහල උපයෝගී කරගෙන සූර්ය බලශක්තිය හරහා ඔබ සියලු දෙනාගේ නිවසේ විදුලි පාරිභෝජනයට අවශ්‍ය සැපයුම ලබා දීලා අතිරික්තය විදුලිබල මණ්ඩලයට අලෙවි කරලා ඔබලාට විදුලිය පමණක් නෙමෙයි ආදායම් මාර්ගයක් ඇති කරනවා.”

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කුරුණෑගල පැවැති සමගි ජන බලවේගයේ පළමු ජන රැළිය අමතමිනි. “නිරුත්තර රටක උත්තරය” නමින් එම ජන රැළිය පැවැත්වුණේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ය. මේ සඳහා අති විශාල ජනතාවක් එකතු වී සිටිනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *