අලුත් ආණ්ඩුව හදල රට ගොඩගන්න සූදානම්…! ඊට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේ දේශද්‍රෝහීන්…!

July 11, 2022 at 1:01 pm | by emanisa.lk

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

රටේ ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමට තමන් සූදානම් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවා නම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්ත තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *