පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කොට ඇති නීති විරෝධී අයුතු විදේශ ආයෝජනයන් හා තැන්පතුකරුවන් පිළිබඳව තරාතිරම නොබලා පරීක්ෂණයක් කොට ඔවුනට විරුද්ධව කටයුතු කරන්නැයි “රට රකින ජන හඬ” සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටිති.
ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් පවසන්නේ පැන්ඩෝරා පත්‍රිකා මගින් නම හෙළි වූ තිරු නඩේෂන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියම කිරීම අගය කරන බවයි.
එමෙන්ම නීති විරෝධී ලෙස විදේශ වත්කම් පවත්වා ගෙන යන ශ්‍රී ලාංකිකයන් 93 දෙනකුගේ නම් පැන්ඩෝරා පත්‍රිකාවල ඇතුළත් බව මාධ්‍යයන්හි පළවී ඇති හෙයින් විමර්ශන එක් පුද්ගලයකුට සීමා නොකර ඉහත සියලුම දෙනා සඳහා පරීක්ෂණ අරඹන ලෙස ද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ඉල්ලා සිටිති.