හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අනාගතයේ දිනක මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට තමාට අවස්ථාවක් ලැබුණහොත් මෙම කරුණුවලට අදාළ සත්‍ය හෙළිදරව් කරන බව ද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.