පාස්කු ප්‍රහාරය එල්ල කළේ වර්තමාන ජනාධිපති බවට බොරු මතයක් හදනවා…! – ආරක්ෂක ලේකම්…

September 10, 2021 at 6:45 am | by emanisa.lk

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බවට ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න චෝදනා කරයි.

නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂා තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස වගකීමෙන් පවසන බව ද ඔහු පැවසීය.

දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ ඔහු බොරු මතවලට නොරැවටෙන්නැයි තමන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස