පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි තමයි…! ඇමරිකාවේ FBI එකත් කියන්නේ එහෙමයි….! – සරත් වීරසේකර

May 19, 2021 at 2:09 pm | by emanisa.lk

පොලිස් පරීක්ෂණ අනුවත් ඇමරිකානු FBI විමර්ශන අනුවත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව සිවිල් ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

අයිඑස් මතවාදය ශ්‍රී ලංකාවට ගෙනැවිත් 2016 වසරේ දී සහරාන් ඒ වෙත යොමු කරවන්නේ ද නවුෆර් බව ඇමැතිවරයා හෙළි කරයි.

අයිඑස් පුහුණු පාඨමාලා මෙහෙය වූයේ නවුෆර් මවුලවි බවත් ඔහු නීතීඥ හිජාස් හිස්බුල්ලාගේ සේව් ද පර්ල් රාජ්‍ය නොවන සංවිධානය යටතේ කුඩා ළමුන්ට පවා මරාගෙන මැරෙන පාඨමාලා පවත්වා ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් ඇමැති සරත් වීරසේකර මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස