නවුෆර් මවුලවි සහරාන් එක්ක තරහයි…! ආණ්ඩුව නවුෆර් මවුලවිට බොරු චෝදනා නඟනවා…! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු රකින්න එජාපය පෙරට….

April 9, 2021 at 12:23 pm | by emanisa.lk

නවුෆර් මවුලවිවරයා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් ආණ්ඩුව හඳුන්වන්නේ කුමන පදනමක් මතදැයි එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රශ්න කරයි.

පාස්කු ප්‍රහාරයට ඔන්න මෙන්න තියා නවුෆර් මවුලවි සහ සහරාන් අතර ගැටුමක් ඇති කර ගෙන එම සංවිධානයෙන් ඉවත්ව සිටි බව ඔහු පෙන්වා දෙයි

ආණ්ඩුව නවුෆර් මවුලවි ප්‍රහාරයේ මහමොළකරු වශයෙන් හඳුනාගෙන ඇත්නම් හෙතෙම කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැඳවූයේ නැත්තේ මන්ද හිටපු ඇමැතිවරයා ප්‍රශ්න කරයි.

නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ ප්‍රහාරය සිදු වූ දා රාත්‍රියේ බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *