යෝජිත ව්‍යවස්ථාවේ දෙවන මන්ත්‍රණ සභාවේ අරමුණ රටට හෙළි කළ යුතුයි!

January 29, 2019 at 12:02 pm | by admin

මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මේ වන විට මැතිවරණ කොමිසමට, පුරවැසියන්ට, අධිකරණයට හා සිවිල් සංවිධාන වෙත බාරදෙන බව විපක්ෂ නායක කාර්යාලයේ (23) පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කීවේය.

නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පැරණි ක්‍රමයට හෝ මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීමට කටයුතු කරන්නැයි විපක්ෂය, ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින බව හෙතෙම කියා සිටියේය.

මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් දෙවැනි මන්ත්‍රණ සභාවක් යෝජනා කර ඇති බවත් ඉන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක් දැයි රටට වහා හෙළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට පළාත් සභා මැතිවරණය ඉල්ලා ඉදිරියේදී අධිකරණ හමුවට යන බව පැවැසු ඒ මහතා ඒ සඳහා සහාය ලබාදෙන්නැයි මැතිවරණ කොමිසමෙන් පවා ඉල්ලා සිටින බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතාධිපතිතුමා අවස්ථා කිහිපයකදී කියලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය. අගමැතිවරයාගේ ප්‍රදානත්වයෙන් පත් කළ කමිටුව සැප්තැම්බර් 25 වැනිදායින් පසු මේ වෙනකම් රැස් වෙලා නැහැ.

දෙවන මන්ත්‍රණ සභාව ප්‍රජාතන්ත්‍රවාදි වශයෙන් වැරැදි නැහැ. එහෙත් අපේ රටේ ප්‍රජාත්නත්‍රවාදය, බලය විමධ්‍ය ගත කරන්න ආයතන කොපමන තිබෙනවද. ජනාධිපතිරයා, පාර්ලිමේන්තුවේ 225 යි පළාත් සභා නවයේ 455 යි, පළාත් පාලන ආයතන 341 තුල නියෝජිතයෝ 8690 ක් ගන්නවා. මේ සියල්ලෙම එකතුව 9406 යි. මිලියන විසි දෙකක ජනගහණයට, මිලියන 15 ක ඡන්දදායකයෝ ඉන්න රටට මහජන නියෝජිත සංඛ්‍යාවක් ඉද්දි තවත් පිරිසක් එකතු කරමින් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන කාරණය තේරුම් ගන්න බැහැ. ඒ නිසා මේ ගැන රටට හෙළි කළයුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස