පාස්කු ප්‍රහාරකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු…! නැත්නම් අපි ජාත්‍යන්තර අධිකරණයට යනවා…! – කාදිනල්තුමා…

February 11, 2021 at 2:34 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යාම සඳහා සුදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි සඳහන් කරයි.

අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළේය.

එසේම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් එය මෙතෙක් නොලැබුණ බව ද අගරදගුරු හිමි සඳහන් කරයි.

“යම් යම් දේවල්වල සත්‍යතාව අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා.

ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කරා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.

ඒ වගේ ම මම බලාපොරොත්තු වෙනවා ඒ අය යහපත් ප්‍රතිචාරයක් ලබාදෙයි කියලා මේ නඩුවෙන් හා වාර්තා තුළින්. වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්නේ කියලා අපි බලන්නට ඕනේ. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තියෙනවා පිටරටවල ඒ සංවිධානවල සහයෝගය අපි බලාපොරොත්තුවෙන් කටයුතු කරනවා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස