පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කරයි.
අද (18) විනිසුරු මඩුල්ල සිය තීරණය ප්‍රකාශයට පත් කළේ විත්ති වාචකය කැඳවීමකින් ද තොරවය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය.
තීරණ ගැනීම අතින් විත්තිකරු අසරණ වී සිටි බව සාක්ෂිවලින් තහවුරු වන බවත් සාක්ෂිකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිය වගකීම පැහැර හැර එහි වගකීම ජාතික බුද්ධි ප්‍රධානියා මත පැටවීමට කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි ද ආදිත්‍ය පටබැඳි විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.