පාස්කු කොමිසමේ වෙළුම් 87යි….! නීතිපතිටත් වෙළුම් 22ක් ලබා නොදෙයි….!

March 3, 2021 at 8:41 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව එමගින් රැස්කළ සාක්ෂි සහ විමර්ශන වාර්තා අඩංගු වෙළුම් හෙවත් ග්‍රන්ථ 87ක් ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී ඇතැයි නීතිපති මාධ්‍ය ප්‍රකාශක නිෂාරා ජයරත්න පවසයි.

ඒ අතරින් ග්‍රන්ථ 65ක් පමණක් නීතිපතිවරයා වෙත ඊයේ (03) දින යොමුකර ඇතැයි ද ඇය සඳහන් කරයි.

කොමිසමේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී තොරතුරු ඇතුළත් ග්‍රන්ථ 22ක් නීතිපතිවරයා වෙත ලබා නොදුන් බව ද නිෂාරා ජයරත්න අනාවරණය කරයි.

මෙම සියලු වාර්තා විමර්ශනය කර කාර්යක්ෂම ලෙස වැරදිකරුවන්ට එරෙහිව නඩු පවරන බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවත් නීතිපතිවරයා ප්‍රකාශ කළ බව ද ඇය වැඩි දුරටත් පැවසුවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *