පාලිත තෙවරප්පෙරුම සෙනසුරාදා තමා හැදූ සුසානයට…!

April 17, 2024 at 10:22 am | by emanisa.lk

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) විදුලි සැර වැදීමකින් අභාවප්‍රාප්ත විය.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම 2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ අතර අනතුරුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්වූ පාලිත තෙවරප්පෙරුම ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන, සංස්කෘතික කටයුතු සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ක්‍රියා කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර සිය අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය ද ප්‍රකාශ කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *