පාලම් පාරුවක් පෙරළී සිසුන් හයක් මරුට…! පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ… පිරිසක් අතුරුන්…!

November 23, 2021 at 10:36 am | by emanisa.lk

තිරිකුණාමලයේ කින්නියා කුරුඤ්ඤන්කේනීහි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අද (23) පෙරවරුවේ පාසල් යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.

කින්නියා සහ කුරුඤ්ඤන්කුලම යා කරමින් මෙම පාලම් පාරුව සේවයේ යොදවා ඇත්තේ දැනට එහි ඇති පරණ පාලම වෙනුවෙන් නව පාලමක් ඉදිකරන නිසා බව ද ප්‍රදේශවාසීහු පවසති.

මිය ගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පොලිසිය පවසයි. අතුරදහන් වුවන් සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *