ගුරු උද්ඝෝෂණ පොකුරේ තොරතුරු එළියට….! ගුරුවරු 400කට කොවිඩ්…25ක් මරුට….!

August 29, 2021 at 12:40 pm | by emanisa.lk

කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ පවසයි.

මෙලෙස මිය ගිය සියලු දෙනා පසුගිය දා පැවැති ගුරු උද්ඝෝෂණවලට සහභාගී වූ අය බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද ඇය අවධාරණය කරයි.

මෙම මිය ගිය ගුරුවරු ලංකාවේ සියලු පළාත්වලට අයත් අය බවත් ඒ අතර ආණමඩුව, හලාවත, අනුරාධපුර, පුත්තලම, නුවරඑළිය, වලපනේ මෙන්ම අම්පාර පළාත්වලින් ද ගුරු මරණ වාර්තා වූ බවත් වසන්තා හඳපාන්ගොඩ ප්‍රකාශ කරයි. මේ වන විටත් ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු අතරින් 400 කට ආසන්න ගුරු පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත් ඇතැම් පාසල්වල ගුරු කාර්ය මණ්ඩලය ම ආසාදනයට ලක් වූ පුවත්ද වාර්තා වී ඇති බවත් ඇය පෙන්වා දෙයි.

හලාවත ජෝෂප් වාස් විදුහලේ ගුරුවරයකුද පසුගියදා මරණයට පත්ව ඇති අතර එම ගුරුවරයා අවසන් මොහොත දක්වාම ගුරු උද්ඝෝෂණවලට සම්බන්ධව සිටි අයකු බව ඔහුගේ බිරිඳ පවසා ඇති අතර මෙම ගුරුවරයා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් මියගිය බවට මරණ පරික්ෂණ වාර්තා සඳහන් කර තිබිය දී උද්ඝෝෂණ කළ ගුරු සංගම් එය වෙනත් හේතු නිසා සිදු වූ මරණයක් බව පැවසීම විමතියට ලක්වන කරුණක් බව ද ඇය පැවැසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස