පාලකයෝ හොරු… සේවකයෝ නාස්තිකාරයෝ…! සිපෙට්කොව විකුණා දැමිය යුතුයි..! – මරික්කාර්…

March 30, 2023 at 11:51 am | by emanisa.lk

පෙට්‍රෝලියම් වෙළෙඳපොළ විවෘත කිරීම ඉතා සුදුසු බවත් මේ වන විට එම වෙළෙඳාමෙන් රජය ඉවත් විය යුතු යැයි යන මතයේ තමන් සිටින බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් නිකන් ඉඳන් පඩිගන්නවා යැයි ද මරික්කාර් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී පෙරේදා (28) චෝදනා කළේය. ෙ

“පෞද්ගලිකව මගෙන් ඇහුවොත් එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකට කැමතියි. හේතුව වෙළෙඳපොළ විවෘත කරන්න ඕන. අපිට දූපත් මානසිකත්වයෙන් ඉන්න බැහැ. අපිට කෙළවුණේ ඇයි. අපි දූපත් මානසිකත්වයෙන් ඉඳලා මේක අපේ රට අපිට ඕන විදිහට කරනවා කියලා හිටියා.

හැබැයි අද ලෝකෙම විවෘතයි. එතකොට වෙළෙඳපොළ තරගකාරිත්වය වැඩි වෙන ප්‍රමාණයට තමයි පාරිභෝගිකයාට වාසි ලැබෙන්නේ. එහිදී රජය වෙළෙඳාමෙන් ඉවත් විය යුතුයි කියන තැන අපි ඉන්නවා. දැනට IOC එක ඉන්නවා. තවත් සමාගම් තුනක් එකතු වෙනකොට වෙළෙඳපොළ තරගකාරීයි. අපි ඒකට එකඟයි. පෙට්‍රෝලියම් එකේ අය නිකන් ඉඳන් පඩිගන්නේ. රියැදුරෙක් ලක්ෂයකට වැඩි පඩියක් ගන්නවා නිකම් ඉඳන්. අතිකාල දීමනා ඇතුළු ඔක්කොම ගන්නවා. ඒව වෙනස් වෙන්න ඕන. යථාර්ථය තේරුම් ගන්න.

දූෂණය කරන්නේ පෙට්‍රෝලියම් එකේ සේවකයෝ නෙමෙයි පාලකයෝ. සේවකයෝ කරන්නේ නාස්තිය. දෙකම පාලනය වෙන්න ඕන. මම මේකෙන් ආණ්ඩුවට කඩේ යනවා සහ ජනාධිපතිට කඩේ යනවා නෙමෙයි. අපි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය කවුරු ක්‍රියාත්මක කරත් අපි ඒකට සහයෝගය දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *