මං ඉන්න කල් ඛනිජ තෙල් සංස්ථාව විකුණන්නේ නෑ…! – ගම්මන්පිල…

November 22, 2021 at 1:16 pm | by emanisa.lk

තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව “පෞද්ගලීකරණය” වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය  නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදේශ මුදල් කළමනාකරණයේදී ඉන්ධන පිරිපහදු කිරීමට වඩා පිරිපහදු කරන ලද ඉන්ධන ගෙන්වීම ලාභදායී බව පැවසූ ගම්මන්පිල  විදේශ මුදල්වල ප්‍රශ්නයක් මතු වුවහොත්  තෙල් පිරිපහදුව වසා දැමීමට  සිදුවන බව තමා දැනුම් දුන්නේ  පසුගිය සැප්තැම්බර් මාසයේ දී බව ද සඳහන් කළේ‍ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස