රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
රටේ අනාගතය බාර ගන්නට සිටින සමස්ත තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත්කොට ඔවුන්ගේ අනාගතය පිළිබඳව බරපතල අවිශ්වාසයක් ඇති කළාට පසු රටකට යන කල කුමක්දැයි විපක්ෂ නායකවරයා විමසයි.
ගොවි හදගැස්ම වැඩසටහනට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පස්වරුවේ දොම්පේ කිරිඳිවැල අන්නාසි ගොවීන්ගේ ගැටළු විමසීම පිණිස ප්‍රදේශයේ ගොවි ජනතාව හමු වී මේ බව ප්‍රකාශ කළේය.