කොරෝනා මෘතදේහ භූමදානය සඳහා ස්ථාන දෙකක් සූදානම්! – ජල සම්පාදන ඇමැති….

December 27, 2020 at 10:27 pm | by emanisa.lk

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන විමර්ශනයට අදාළව තමා වෙත ලැබුණු උපදෙස් මත මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් හඳුනා ගත් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අද (27) අනාවරණ කළේ ය.

ඒ පිළිබඳ වාර්තාවක් තමා අගමැතිවරයාට භාරදුන් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍ය වාසුදේව නානායක්කාර එහි දී සඳහන් කළේ මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් වන තලෙයි මන්නාරම, රැකව යන ප්‍රදේශ එම වාර්තාව මගින් භූගත ජල මට්ටම ගැඹුරු ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බවය.

තමාට බාර දුන් ක්‍රියාව තමා ඉටු කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගත යුත්තේ සෞඛ්‍ය අංශ බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කිසිවෙකු සිය විශ්වාසයන් අනුව මෘතදේහ ආදාහනය දරාගත නොහැකි බව පවසන්නේ නම් ඒ සඳහා අවසර දීමේ හැකියාව පිළිබඳ සොයා බැලිය යුතු බවත් එහි අවසාන තීන්දුව ගතයුත්තේ වෛද්‍ය මතය අනුව බවත් ඇමැති වාසුදේව නානායක්කාර වැඩි දුරටත් පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස