පළමු වරට නියෝජනය කරන මන්තී්රවරුන්ටත් පක්ෂ නායකත්වය සලකා ඉදිරි පෙළ ලබාදීම නිසා ජ්‍යෙෂ්ඨයන් පසුපසට තල්ලූවී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර ජයමහ රීති ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.
මේ තත්ත්වය නිවැරදි කර දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් පක්ෂ නායකවරුන් 30 ක් 40 ක් මන්තී‍්‍ර ධුරය බැගින් ලබා ගෙන පාර්ලිමේන්තු පැමිණියහොත් ඉදිරිපෙළ බිත්ති කඩා දිගු කරන්න වෙනු ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසීය.
එක මන්ත්‍රී ධුරයක් රැගෙන මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි අය පක්ෂ නායකයන් ලෙස ඉදිරිපෙළ සිටින බවත් වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රංජිත් මද්දුමබණ්ඩාර වැනි අයට පිටුපසට යාමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.