පාර්ලිමේන්තුවට කොවිඩ් ආවේ විපක්ෂ නායකගේ බිරිඳගේ සැලුන් එකෙන්….!

May 30, 2021 at 11:25 pm | by emanisa.lk

මේ රටේ එන්නත්කරණය දේශපාලනීකරණය වී ඇතැයි පැවසීම බොරුවක් බවත් කිසිම ස්ථානයක එජාප හෝ ජවිපෙ යැයි කියා කිසිවෙකුට එන්නත් ලබා දීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එන්නත ගෙන් වූයේ රජය බවත් එය ජනතාවට පෝලීම්වල සිටීම අපහසුතා ඇති නොවන ආකාරයට ලබා දීම ද ආණ්ඩුවේ වගකීමක් බවත් පෙන්වා දෙන ඇමැතිවරයා දේශපාලකයින් මැදිහත් වන්නේ ඒ සඳහා බවත් සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය බිරිඳගේ සැලුනයේ කණ්ඩායමකට කොවිඩ් ආසාදනය වූ පසු නිරෝධායනය නොවී පාර්ලිමේන්තුවට පැමිණි බවත් විපක්ෂයේ එකම අපේක්ෂාව මේ රටේ ජනතාව මැරී වැටෙමින් ආර්ථිකය ද විනාශ වනු දැකීම බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *