විපක්ෂ කොවිඩ් පොකුර තව ලොකු වෙයි…! විපක්ෂ නායක කාර්යාලයේ 10කට කොවිඩ්…! වහා ම වසා දැමේ…!

May 26, 2021 at 2:16 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක ඇතුළු සේවකයන් දස දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මේ අනුව එම සේවකයන් ඇසුරු කළ අයට ස්වයං නිරෝධායනයට යොමුවන්නැයි දැනුම් දුන් බව ද වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඔහුගේ බිරිඳ ජලනි පේමදාස ද කොවිඩ් ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබූහ.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක ප්‍රධාන කාර්යාලය ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ද මේ වන විට සෞඛ්‍ය අංශ විසින් වසා දමනු ලැබ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *