ජලනිගේ බර්ත්ඩේ පාටියෙන් කොවිඩ් පොකුරක්….! රට හදන්න කලින් ආර්යාව හදාගන්න….! – ඇමැති චන්න සජිත්ට කියයි….

May 5, 2021 at 11:03 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන චෝදනා කරයි.

එලෙස වගකීම් විරහිතව කටයුතු කර රට වසා දමන ලෙස පාර්ලිමේන්තුවට පැමිණ කෑ ගසන බවට ද ඇමැතිවරයා චෝදනා කරයි.

අදාළ උපන් දින සාද පැවැති ස්ථාන, පැමිණි පිරිස, එමගින් ආසාදිත පිරිස පිළිබඳ ව ද තොරතුරු ඇතත් එම පෞද්ගලික කරුණු හෙළි කරන තැනට තමන් නොවැටෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

රටට බණ කියමින් තමන් කරන කියන දේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව චන්න ජයසුමන අවධාරණය කළේ ය.

අද (05) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස