සජිත් ප්‍රේමදාස එන්නත් ලබා නොගැනීම පිටුපස බෝන් එගේන් ආගමික බලපෑම්….!

May 23, 2021 at 10:22 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම පිටුපස ඇත්තේ බෝන් එගේන් අන්තවාදී ආගමික බලපෑම් බවට රාවයක් පැතිර යමින් තිබේ.

තමා කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් බව පසුගිය දා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. කෙසේ වුව ද විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාසට කොවිඩ් ආසාදිත වී ඇති බව අද (23) නිවේදනය කළේ ය.

ප්‍රේමදාස යුවලට කොවිඩ් වැළඳුණු පුවත සමග ම තවත් පුවතක් ද සමාජ මාධ්‍යවල මෙන් ම කොළඹ ප්‍රභූ කණ්ඩායම් අතර පැතිර ගියේ ය. ඒ මොවුන් කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම පිටුපස ඇත්තේ බෝන් එගේන් ආගමික බලපෑමක් බව ය.

මේ වන විට ලොව පුරා ඉවැන්ජලිකල් සහ බෝන් එගේන් ක්‍රිස්තියානි කණ්ඩායම් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් තිබේ. ඔවුන් විශ්වාස කරන පරිදි එන්නත් ලබා ගැනීම යනු “මට දෙවියන් වහන්සේ විශ්වාස නැත. මගේ ආත්මය පවිත්‍ර නැත.” යනුවෙන් ප්‍රකාශ කිරීමකි. මේ නිසා එම ආගමික කණ්ඩායම් අතර කොවිඩ් මර්දන එන්නත්කරණ ව්‍යාපාරය පෞද්ගලික සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ගැටලුවකට වඩා ඔවුන්ගේ ආගමික විශ්වාසය, ආගම ඇදහීම ප්‍රශ්න කරන මහා අර්බුදයක් බවට පත්ව තිබේ.

එය ඇමරිකාවේ මෙන් ම ලොව පුරා කොවිඩ් මර්දන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල කරමින් ඇති අතර මෑතක උගන්ඩාවේ රෝහලකට ලබා දුන් එන්නත් 5000කින් අතරින් ජනතාවට ලබා ගෙන ඇත්තේ 400ක් පමණි. ප්‍රදේශයේ ජනතාව දැඩි ඉවැන්ජිකල් ආගමික භක්තිකයින් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම එයට හේතුවයි.

සජිත් ප්‍රේමදාසගේ සොහොයුරිය, මව ද මෙම ආගමික කණ්ඩායම් සමඟ සමීප සබඳතා පවත්වන බව කියැවෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිරුළුපන ප්‍රසිද්ධ බෝන් එගේන් පල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකු බවට වාර්තා පළ වී තිබේ. මේ අනුව සජිත් ප්‍රේමදාස එන්නත් ලබා නොගැනීමේ නියම හේතුව මෙම ආගමික කණ්ඩායම්වල බලපෑම් බවට අදහස් පළවෙයි. කෙසේ වුව ද තමන් කැමැති ආගමක් ඇදහීම යනු කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැ කි පරම අයිතියකි. ඒ අයිතිය සජිත් ප්‍රේමදාසට ද තිබේ. එහෙත් සමාජයේ පැතිර යන පුවත් අසත්‍ය නම් වහා ඒවා නිවැරදි කිරීම විපක්ෂ නායකවරයාගේ වගකීම ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *