වෛද්‍ය පාදෙණියගේ ගෙදර පාටියේ කොරෝනා ආසාදිතයෙක්….! නිරෝධායනයට යද්දි ගෙදර ගෙට්ටුව වසා විදුලිය විසන්ධිය කරලා….!

January 14, 2021 at 3:08 pm | by emanisa.lk

මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (13) තහවුරු වී ඇති අතර ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වී ඇති බව ද හෙළි වී ඇත.

පසුගිය 08 වෙනිදා අනුරුද්ධ පාදෙණියට මිතුරු පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගී වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත.

කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බව ද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකට ද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ​ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස