පාතාළ නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට! ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය ඇතුළු අපරාධ රැසක් මෙහෙයවලා!

December 1, 2020 at 11:11 am | by emanisa.lk

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායිහි සැඟව සිටිය දී එ රට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මොහු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *