පාඨලී කොළඹ මහා ඉඩම් කොල්ලයක…! රජයට රු. ලක්ෂ 3300ක දැවැන්ත පාඩුවක්..!

January 11, 2022 at 3:34 pm | by emanisa.lk

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර දෙකයි රූට් දෙකයි පර්චස් 21ක් විශාල ඉඩමක් ඇමැති පාඨලී චම්පික වංචා සහගත ලෙස පෞද්ගලික ආයතනයක් සඳහා බදු දී ඇතැයි අනාවරණය වී තිබේ.

2013 වසරේ සී.ස. ලේක් ලෙෂර් හොල්ඩිං සමාගමට වසර 50කට සඳහා මෙම ඉඩම බදු දීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට රු. මිලියන 330කට අධික පාඩුවක් සිදුව ඇත.

මෙම ඉඩම එකල රු. මිලියන 2785ක වටිනාකමින් යුතු වුව ද ආයෝජකයා විසින් ලබා දී ඇත්තේ එම මුදලින් 20%ක් (මිලියන 577) පමණි.

ගිවිසුමට අනුව කටයුතු නොකිරීම නිසා අදාළ අත්තිකාරම් මුදල රාජසන්තක කර ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට නීති උපදෙස් ලැබුණ ද ඇමැති පාඨලී චම්පිකගේ සමීපතමයතු වන එහි සභාපති ජගත් මුණසිංහ ඒ සඳහා කටයුතු කර නැත.

2017 වසරේ අදාළ ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා ජගත් මුණසිංහ අදාළ මුදල මිලියන 577 සඳහා රු.12%ක පොළියක් ද සමග එම සමාගමට නැවත පවරා තිබේ. මෙම දූෂිත ගනුදෙනුව නිසා නාගරික සංවර්ධන අධිකාරියට රු. මිලියන 330ක පාඩුවක් සිදුව තිබේ.

මුල් වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස