දූෂණ විරෝධී කමිටුව යහපාලන ආණ්ඩු විරෝධීන් පස්සේ විතරක් පැන්නුවේ ඇයි! – සභාපති විනිසුරු පාඨලී නිරුත්තර කරමින් අසයි…

September 20, 2020 at 9:36 am | by emanisa.lk

පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

එහිදී ඔහු සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේනට ජනවරම හිමි වූයේ දූෂණයට වංචාවට එරෙහි දුක් ගැනවිලිවලට සාධාරණයක් ඉටු කිරීම සඳහා බැවින් දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කළ බවය.

එහිදී සභාපති විනිසුරුවරයා පවසා සිටියේ “ඒ දුක් ගැනවිල්ල ද ළඟදි මැතිවරණයෙන් ලක්ෂ ගණනකින් පැරදුනේ.” එවිට චම්පික රණවක මහතා පවසා සිටියේ ස්වාමීනි අප එය හිස නමා පිළිගන්නා බවය.

තවද යහපාලන ආණ්ඩුවේ සිටි ඇතැම් අය දූෂණයට සම්බන්ධ අය වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු මතු වූ බව චම්පික රණවක මෙහිදී කියා සිටියේය.

කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, හිටපු ජනාධිපති සහ ආණ්ඩුවට පක්ෂග්‍රාහී කිසිවකුට එරෙහිව අවම වශයෙන් බී වාර්තාවක් හෝ ඉදිරිපත් වී නැති බවය.

කෙසේ වෙතත්, අනුර ප්‍රියදර්ශන යාපා රාජිත සේනාරත්න සජිත් ප්‍රේමදාස යන හිටපු ඇමතිවරුන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වූ බව රණවක මෙහිදී ප්‍රකාශ කළේය.

එම විමර්ශන දූෂණ විරෝධී කමිටුව හරහා සිදුවූයේ නැහැ නේදැයි එහිදී සභාපති විනිසුරුවරයා විමසීමක් කළේය. එහිදී රණවක නිරුත්තර විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස