හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා හදිසියේ ම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වී තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරකට ලක්කිරීමේ චෝදනාවට අදාළ නඩුව කැඳවූ දිනයේ ම හිටපු ඇමැතිවරයා හදිසියේ ම රෝගාතුරු වීම විශේෂත්වයකි.
කෙසේ වුව ද ඔහු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රෝහල්ගතව ඇති බවත් එම ව්‍යාජ වාර්තා සකස් කළේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන බවත් සමාජ මාධ්‍යවල තොරතුරු පළ වෙයි.