හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඉන්දීයානු හමුදාව පරාජය කිරිමේ අරමුණින් එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව ප්‍රේමදාස ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.
කුරුණැගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉන්දීය හමුදා විසින් මෙරට පළාත්සභා ඇති කරන විට ප්‍රභාකරන් සමග ගිවිසුමක් ඇති කර ගත් බවය.
රණසිංහ ප්‍රේමදාස බලයට පත්වී ඉන්දියන් හමුදාවට ලංකාවෙන් ඉවත්ව යන ලෙසට දිනයක් ලබා දුන් බවත් පැවසු ඔහු, වර්ධරාජා පෙරුමාල්ට ඉන්දීය හමුදා විසින් ලාංකික ජාතික කොඩිය වෙනුවට උතුරු නැගෙනහිර කොඩියක් ප්‍රකාශයට පත් කරන්නැයි පැවසු බව ද ගාමිණි ජයවික්‍රම පෙරේරා පැවසීය.
ඒ අවස්ථාවේ දී ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් හමුදාව මෙයට විරුද්ධව නොයැවු බවද කියාසිටි ඔහු, මේ අවස්ථාවේ දි ප්‍රභාකරන් සාම සාකච්ඡා පවත්වමින් සිටි බවද සඳහන් කළේය.