අජාසත්ත රජතුමාගේ අනුග‍්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප‍්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද අද වැනි නිකිණි පුන් පොහොය දිනකදීය.
බුදුරජාණන් වහන්සේ සිය 14 වන වස්කාලය ශ‍්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත‍්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත‍්‍රයට දැඩි වුවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොය දිනයේදී සිදුවිය. එමෙන්ම සේරුවාවිල පෙරහැර පැවැත්වෙන්නේද නිකිණි පෝයත් සමගය.
නිකිණි පුන් පොහොය වස්සාන සමයෙහි ආරම්භයයි. මෙතැන් සිට මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප‍්‍රඥප්තියක් පනවා ඇත. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසා ගස්මුල් අසල වාඩිවී බණ භාවනා කිරීමට මේ සමයේ උචිත නොවේ.
බුද්ධ කාලයේදී විසූ පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත තැනක හිඳ මහණදම් පිරීම කළහ. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදාවේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් රහත්භාවය ලබා ගත්තේද නිකිණි පොහොය දිනයේය.