පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙර පාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට පිවිසීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙර පාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙර පාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි.
ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එකම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසිදු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඇමැතිවරයා කීය.