ප්‍රශ්නේ ඉන්දියානු ඖෂධවල නෙමෙයි…! තියෙන බාල ම ඖෂධ ගෙන්වීමයි…! – රවී කුමුදේශ්…

July 17, 2023 at 4:47 pm | by emanisa.lk

ප්‍රශ්නය ඇත්තේ ඉන්දියාවේ හෝ ඉන්දියානු ඖෂධවල හෝ නොව තියන බාලම බෙහෙත ගෙන්වන එක යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව සඳහන් කරයි.

”සෞඛ්‍ය ප්‍රශ්නය වෙණුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ සාමූහික සාකච්ඡා තිබුණේම නැහැ. පහුගිය අවුරුදු කිහිපය තුළ ඒ ඒ අංශවලට වග කියන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනාරාල්වරු වැඩ කළේ තමන්ට හිතෙන හිතෙන හැටියට. සෞඛ්‍ය අමැතිවරයා ඔවුන්ගේ ක්‍රමය.වෙනස් කරන්න.කිසිදු බලපෑමක් කළේ නෑ. අවසානයේ අපි කරන සියලු පැමිණිලි හමස් පෙට්ටියට දැම්මා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි සෞඛ්‍ය ගැටලුව මේ තරමට විශාල වුණේ.

අවසානයේ අපි හිතුවා පාර්ශවකරුවන් අතර සාකච්ඡාවක් කරලා, මේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිවරයා හරි මැදීහත් වෙයි කියලා. ඔහුගේ සාකච්ඡාවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්ණයක් නෑ කියන.කිහිප දෙනෙක් එක්ක තමයි සිදු.වුණේ. ප්‍රශ්නයක් නෑ කියන අය එක්ක එකතු වෙලා උත්තර හොයන්නේ කොහොමද? ඒ නිසා සෞඛ්‍ය ගැටලුවට ජානාධිපති සාකච්චාවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිවුණා.

ඉන්දියන් ඖෂධ ටික නවත්තලා, ගිණි ගනං වලට යූරෝපියන් ඖෂධ ගේන්න දත කමින් හිටපු කණ්ඩායමක් ඒ අවස්ථාවෙනුත් ප්‍රයෝජන අරගෙන තිබෙනවා. ප්‍රශ්ණය තියෙන්නේ ඉන්දියාවේවත්, ඉන්දියන් ඖෂධ වලවත් නෙවෙයි. ඉන්දීයාවේ තියන ජරාම, බාලම කඩ වලින් ඖෂධ ගන්න කියලා ඉන්දියාව අපිට කිව්වේ නෑ. ඒවා චෙක් කරන්නේ නැතුව ගෙන්නල්ලා ලෙඩ්ඩු මරන්න කියලා ඉන්දියාව අපිට කිව්වෙත් නෑ.

ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඖෂධයක් ගන්න ක්‍රමය අතිශය සංකීර්ණ කලේම, යුරෝපීය ඖෂධ වලින් වාසි ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් උපදේශකයින්. ඒ අයට ඕනේ වුණේ ඉන්දියන් ඖෂධ ගෙන්වන එක නවත්වන්න. ඒ ක්‍රමය සරල කරන්න ආණ්ඩුව මැදිහත් වුණේ නෑ. සෞඛ්‍ය ඇමතිවරයා මැදිහත් වුණේත් නෑ. අන්තිමට ක්‍රමය සංකීර්ණයි කියලා, ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගේන්න පාර කපා ගත්තා. පහුගිය මාස 18 තුල ඖෂධ වර්ග 1300ක් පමණ ලියාපදිංචියෙන් තොරව ගේන්න අවස දීලා තියනවා. ඖෂධ පිළිබඳ බොහෝ ගැටලු ඇති වන්න පටන් ගන්නේ ඒ නිසයි. ඒකට උත්තරේ, ඉන්දියාව අත හැරලා යුරෝපියන් මාර්කට් එකට යන එක නෙවේ”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස