ප්‍රභා හිටියා නම් පොදු අපේක්ෂක කතා නෑ..!

May 7, 2024 at 9:19 am | by emanisa.lk

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතරේ සිටියේ නම් උතුරේ දේශපාලනඥයන් පොදු අපේක්ෂකයෙකු පිළිබඳව කතා කිරීමටවත් නොසිතනු ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

ජනාධිපතිවරණයට දෙමළ ජනතාව පාර්ශ්වයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ පාර්ශ්ව රැසක් ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා මඩකළපුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

පසුගිය කාලය පුරාවට ම උතුරේ ඇතැම් දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට සිය ආත්මාර්ථකාමී දේශපාලන අරමුණු වෙනුවෙන් එම ගැටලු එලෙසම පවත්වා ගෙන යාමට කටයුතු කළ බව ද ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සැලසුම පිටුපස කිසියම් යටි අරමුණක් තිබිය හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *