අපේ නායක ප්‍රභාකරන්ගේ උපන් දිනය අදයි! මම ඔහුට සුබ පතනවා! – TNA මන්ත්‍රී කොටි නායකයාට සුබ පතයි…

November 26, 2020 at 5:37 pm | by emanisa.lk

“අපේ ජනතාව වෙනුවෙන් සටන් කරපු අපේ නායක ප්‍රභාකරන්ට උපන් දිනය වෙනුවෙන් සුබ පතනවා” යැයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.

ඔහු එම සුබ පැතීම කරන ලද්දේ වාරිමාර්ග අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට දෙමළ බසින් කතා කරමින් එකතු වූ අවස්ථාවේ ය.

එහෙත් ඒ සම්බන්ධයෙන් සභාවේ මුලසුනේ හෝ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධයක් එල්ල නොවීම ද විශේෂත්වයකි. ඔහුගේ ප්‍රකාශය හෑන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ ද නැත.

නිර්මලනාදන් ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුබ පතද්දී මුලසුනේ සිටියේ දෙමළ මව් බස වන ශ්‍රීලනිපය නියෝජනය කරන අංගජන් රාමනාදන් වුව ද ඔහු ද නිහඬව සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස