පළාත් සභා 2017 ඉඳලා තිබුණේ නෑ! බිලියන 100ක් ගිළින පළාත් සභේ ආයේ ගේන්නේ ඇයි? – නාගානන්ද

December 12, 2020 at 12:59 pm | by emanisa.lk

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

අද ලොව විදේශ ණය අනුමත කරන ආයතනයක් විසින් රජයට රටේ ජනතාවට බොරු කියා රැවටීමෙන් වැළකී ගෙවාගත නොහැකි විදේශ ණය හා පොලිය පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කරන ලෙස රජයට අවවාද කර ඇත.

මේ අතර 2017 පැවැත්වීමට නියමිත වූ එහෙත් එවකට එජාපය, TNA සහ ජවිපෙ එක්ව කල් දමන ලද එතැන් සිට වසර 3 කට වැඩි කාලයක් නොපැවැත්වූ, පළාත් සභා ක්‍රමයක් නොතිබීමෙන් රටේ ජනතාවට වාසියක් මිස හානියක් නොවූ, මෙතෙක් දෙවන පෙළ දේශපාලුවන් මහජන මුදලින් නඩත්තු කිරීමට පවත්වාගන යන ලද, ඉන්දියාව විසින් උතුරට යෝජනා කරන ලද නමුත් රටට ම හඳුන්වා දෙන ලද, වසරකට ජනතාව බලවත් අපහසුතා මැද ගෙවන බදු මුදල් රුපියල් බිලියන 100 කට වඩා කා දමන, පළාත්සභා නැවත පිහිටුවීම සඳහා 2020 සැප්තැම්බර් මස පියවර ගන්නා ලෙස පොහොට්ටු රජය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

රට දැය ගැන හැඟීමක් ඇති, අනාගත පරපුරට රටක් තිබිය යුතු යයි කල්පනා කරන සෑම පුරවැසියකුම පොහොට්ටු රජය තම හිතවතුන් සැනසීම සඳහා ගන්නා ලද පියවර තරයේම හෙලා දැකිය යුතුයි. එක්ව මෙම පියවරට එරෙහිව දැඩි විරෝධය පෑ යුතුයි.

කළයුතු වන්නේ පළාත් සභා චන්දය පැවැත්වීම නොව පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉවත් කිරීමය. 20 සම්මත කිරීමේදී කල යුතුව තිබුණේ රටේ නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධිනත්ය පැහැර ගෙන රට අරාජික කිරීම නොව රට වැඩදායක එවැනි ධනාත්මක පියවරක් ගැනීම ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස