පළාත් සභා විනාශ කළේ සුමන්දිරන්ලා…! – කාංචන..

July 31, 2023 at 11:03 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමය ව්‍යාකූල කොට නැවත මැතිවරණයක් නොපවත්වන තැනට වැඩ කළේ අද පළාත් සභා මැතිරවරණ ඉල්ලන පිරිස ම බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

උතුරු පළාත් සභාවේ බලය නැවත විග්නේශ්වරන් අතට යනු ඇතැයි බිය වූ සුමන්දිරන්ලා 2017 ආණ්ඩුව සමග එකතු වී පළාත් සභා ක්‍රමය වෙනස් කළ බවයි, ඇමැති විජේසේකර ප්‍රකාශ කළේ.

පළාත් සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සඳහා බලය ලබා දෙන ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් එවිට පළාත් සභාවලට බලය ලබා දෙන්නේ ද නැතහොත් අහෝසි කරන්නේ ද යන තීන්දුව පාර්ලිමේන්තුවට ගතහැකි බවත් ඇමැති කාංචන විජේසේකර වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *