13 වැනි සංශෝධනේ දැන් යල් පැනලා..! පළාත් සභාවලට පොලිස් බලය අවශ්‍ය නෑ..! – පාඨලී…

December 20, 2022 at 9:15 am | by emanisa.lk

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කාරණය සලකා බැලීමේදී දැන් රටෙහි ඇත්තේ 1987දී පැවති තත්ත්වය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

ප්‍රශ්නය: ඔබ සඳහන් කළා ද්‍රවිඩ ජාතීකයින් 31 දෙනා නිදහස් කරන්න. ඊට අමතරව ඔවුන්ගේ ඉඩම් කඩම් නිදහස් කරන්න. ඔබ සඳහන් කරන්නේ 13 වෙනි සංශෝධනයට අනුව ඒ තියෙන පොලිස් හා ඉඩම් බලතල, අධිකරණ බලතල සියල්ලම දෙන්න කියල ද?

“නෑ මෙහෙමයි. ඉඩම් බලතලය දීලනේ තියෙන්නේ. ඒ වගේම ඔය පොලිස් බලතලය කියන කාරණය එනකොට රටේ තිබුණ තත්ත්වය නෙමෙයිනේ අද තියෙන්නේ.

එදා පොලිස් බලතලය කියන තත්ත්වය තිබුණේ රටේ වෙනම හමුදාවක් හිටියා එල්ටීටීඊ කියලා. ඒ වගේම ඉන්දියාවේ පුහුණුව ලබපු තවත් සන්නද්ධ කණ්ඩායම් හිටියා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොලිසියට එහි ආධිපත්‍යයක් තිබුනේ නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි ඔය පොලිස් බලතල කියන ප්‍රශ්නය ආවේ.

දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට අවශ්‍ය මේ පොලීසිය, සිංහල, දෙමළ පොලීසියක් නෙමෙයි. මේ පොලීසිය, රාජ්‍ය බලය ස්වාධීන කරන එක. රාජ්‍ය බලය ස්වාධීන කරන දෙමළ කතා කරන පොලිසියක් උතුරට දීම මිසක් දෙමළ පොලීසියක් හැදීම නෙවෙයි. ඒ අවස්ථාවේ 87 තිබුණු තත්ත්වය නෙමෙයි අද ලංකාවේ තියෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ.”

පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ පසුගිය 18 වනදා මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *