පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න…! – බැසිල්ගෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට කොළ එළි….

July 17, 2021 at 9:43 am | by emanisa.lk

වහා ම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත.

පසුගිය දිනෙක අරලියගහ මන්දිරයේ දී හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කොට ඇත.

2020 වසරේ මුල් භාගයේ පළාත් සභා මැතිවරණය පැවත්විය හැකි බව ද එහි දී අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.

කෙසේ වුවද පළාත් සභා නැවත සක්‍රීය කිරීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන ජාතික බලවේග සිය දැඩි විරෝධය දැනටමත් පළකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *